ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ගෑස් මිල ගණනය කරන මිල සූත්‍රයට අනුවයි. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මුදලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවනු ඇති බවයි.
මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෑස් මිල අඩු වන ආකාරයේ අද දිනය තුළ දැනුම්දෙන බවද ලිට්රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවා.
මේ අතර දේශීය කිරිපිටි මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400 දේශීය කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් සහ කිලෝග්‍රෑම් එකක පැකට්ටුවක මිල රුපියල් 230කින් ඉහළ දැමූ බවයි මිල්කෝ සමාගම පැවසුවේ.
මේ අතර කිලෝග්‍රෑම් පනහේ සිමෙන්ති කොට්ටයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100කින් පහත දැමීමට සිමෙන්ති සමාගම් කටයුතු කළා.
Neth