කැසිනෝ ශාලා සදහා වාර්ෂිකව අය කෙරෙන බද්ද සියයට 150ක ප්‍රමාණයකින් වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රුපියල් ලක්ෂයකට අධික මාසික ආදායමක් උපයන පුද්ගලයන්ගෙන් උපයන විට බදු අය කිරීම සිදුවන්නේ ලබන නොවැම්බර් මාසයේ සිට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා රජය විසින් ළඟදීම තවත් බදු 4ක් හඳුන්වා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
රට ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි මාස කිහිපය තුළ ආණ්ඩුවේ යාන්ත්‍රණය කණපිට හැරවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. “යූත් ඉනි ගවනන්ස්” නමින් තරුණ පිරිසක් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
තිරිගු පිටි මිල පහළ යාමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල මෙම සතිය තුළ අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසනවා.
හමර් ප්‍රශ්නය CIDයට යයි! නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ හමර් වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් පසුව පැවති වෙන්දේසියකදී එය ආනයනය කළ පුද්ගලයාටම ලබාදීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදී තිබේ.
ඉතිහාසයේ නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මාතෘ භූමිය වෙලාගෙන සිටින ඝණ අඳුර පළවා හරින්නට සියලුදෙනා එක්ව සාමූහික වැඩපිළිවෙළකට එළඹිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Page 121 of 644