පොසිල ඉන්ධන භාවිතය අඩු වෙයි ?
ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය සහ සෙසු ප්‍රවාහන පද්ධතිවල යටිතල පහසුකම් කඩිනමින් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජය සහයෝගය දැක්වීමට පොරොන්දු වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.
පොසිල ඉන්ධන මත යැපීම අවම කර ප්‍රවාහනය සඳහා බලශක්ති ප්‍රභවයන් ලෙස ජෛව ඉන්ධන සහ විදුලිය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ද ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී ඇති බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉන්දියාවෙන් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන බස්රථ ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව ද සඳහන් කළේය.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය ප්‍රවාහන අමාත්‍යාංශයේදී ඉන්දීය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ශ්‍රී නිතිත් ගට්කාරි සමඟ කළ සාකච්ඡාවකින් පසුව එසේ පැවසීය.
මෙරට ප්‍රවාහන ක්ෂේත්රයට ඉන්දියාවේ සහයෝගීතාවය ලබාගැනීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත විය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන එම සංචාරයේදී ඉන්දීය රජයේ රේල් ඉන්දියා ටෙක්නිකල් ඇන්ඩ් ඉකොනොමික් සර්විස් ලිමිටඩ්, ඉන්දියා රේල්වේ කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ් සහ රේල් විකාශ් නාගම් ලිමිටඩ් යන ආයතනවල සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ කළමණකාරවරු ඇතුළු නිලධාරීන් සමඟ ද සාකච්ඡා කළේය.
Aruna