ලබන 11 වැනිදා සිට සියළු පොදු ප‍්‍රවාහන සේවා සැපයෙන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල උපදෙස් අනුව පමණක් බව මගී ප‍්‍රවාහන කළමාණකරන අමාත්‍යංශය නැවත අවධාරනය කරනවා.
මීට අදාලව ගතයුතු පියවර සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා ලෝක සෞඛ්‍ය සංවිධානයටද ලිපියක් යවා ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.
අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලූම මාර්ගවල දුම්රිය ධාවනය හෙට (04) සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, එම සේවාවන් සලසන්නේ අදාළ ආයතනවල ප‍්‍රධානීන් විසින් නිර්දේශ කර ඉල්ලූම්පත් යොමු කර ඇති නාමලේඛනවල සඳහන් සේවකයින්ට පමණයි.
අදාල අවසර පත‍්‍ර සතිපතා ලබාගත යුතු වනවා. ඒ සඳහා වන ඉල්ලූම්පත් සෑම සතියකම බ‍්‍රහස්පතින්දාට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ආයතන හරහා යොමු කළ යුතුයි.
දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර ලබාදෙන පුද්ගලයින්ට SMS මගින් ඒ බව දැනුම් දෙනු ඇති. දුම්රියට ප‍්‍රවේශ වීම සඳහා එම SMS පණිවුඩය ආරක්ෂක අංශ වෙත ප‍්‍රදර්ශනය කළ යුතු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. සෑම දුම්රිය මැදිරියකටම යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බැගින් යෙදවීමටද සැලසුම් කර තිබෙනවා.
ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ් රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘතකර සාමාන්‍ය කටයුතු ආරම්භ කිරීමෙන් පසු නව ධාවන සැලසුම් කි‍්‍රයාත්මක කරන බවයි.
ඒ යටතේ ඒ ඒ ආයතනයට වෙන් වෙන්ව බස් රථ ලබාදීමටද කටයුතු කළ හැකි බව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවා. එලෙස බස් රථ ලබා ගැනීම සඳහා දැනටමත් ආයතන ගණනාවක් ඉල්ලූම් කර තිබෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
මේ අතර මාසයක පමණක් කාලය සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නැයි පෞද්ගලික බස් හිමියන් නැවත ඉල්ලා සිටිනවා. ඊට හේතු දක්වන ලංක පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ පවතින තත්ත්වය තුළ පෞද්ගලික බස් රථ සඳහා ලාබයක් නැති බවත් එහෙත් සිදුවෙන පාඩුව පියවා ගැනීම සඳහා මෙම ඉල්ලීම සිදු කරන බවයි..
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් රජයෙන් පිළිතුරු විමසා සිටියා. අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ පෞද්ගලික බස් හිමියන්ගේ මෙම ඉල්ලීම සාධාරණ නමුත් මෙම අවස්ථාවේදී තවදුරටත් සහන ලබා දීම රජයට අසීරු බවයි. රජයේ සියලූ ආදායම් අවහිර වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
(Neth)