Friday, July 04, 2025
Follow Us
දින 50ක් ගෙවෙයි - ජනපති කළේ කුමක්ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූර කාලයේ දින 50 ක් මේ වනවිට සම්පූර්ණ කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ සංවර්ධන සංග‍්‍රාමයට සහ ලෝක ඉල්ලූමට ගැලපෙන ශ‍්‍රම බලකායක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම දින 50 දී ප‍්‍රබල තීරණ ගණනාවක් කි‍්‍රයාත්මක කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

පාසල් 1,000 ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම, උසස් පෙළ සමත් සියලූ සිසුන්ට සරසවි වරම් සහතික කිරීම, උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් නොලබන තරුණ තරුණියන් ඉංගී‍්‍රසි බස සහ තොරතුරු තාක්ෂණය ද ඇතුළත්ව සුහුරු තාක්ෂණවේදීන් ලෙස පුහුණු කිරීම ජනාධිපතිවරයා එළඹ ඇති ප‍්‍රබල තීරණවලින් කිහිපයක්.

අඩු ආදායම් ලාභී පවුල්වල තරුණ තරුණියන්ට රැකියා ලක්ෂයක් ලබාදී කාර්යය සාධන බලකායක් පිහිටුවීම, හෙද හෝ ගුරු පුහුණුව ලබන්නන්ට උපාධියක් ලබාගැනීම දක්වා අවස්ථා විවෘත කිරීම සහ ජාතික ආරක්ෂක විද්‍යායතනයක් පිහිටුවා ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ පෙළේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සැකසීම ද මෙම දින 50 දී ජනාධිපතිවරයා එළඹි ප‍්‍රබල තීරණ අතර වනවා.

රාජ්‍ය සේවය විධිමත්, කාර්යක්ෂම සහ සඵලදායි කිරීමට ද සිය ධූර කාලයේ පළමු දින 50 දී ජනාධිපතිවරයා තීරණ ගනනාවක් කි‍්‍රයාත්මක කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. පොදු ජන ජීවිතයට ඉතා සමීප ආයතන ගණනාවක ජනාධිපතිවරයා හදිසි නිරීක්ෂණ සිදු කළේද, මෙම තීරණ කි‍්‍රයාත්මක කිරීමට බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් පත්කිරීම සඳහා විද්වත් කමිටුවක නිර්දේශ ලබාගැනීම, ටෙලිකොම් සභාපතිවරයාගේ රුපියල් ලක්ෂ 20 ක් වු වැටුප රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා අඩුකිරීම ද ඇතුළත්ව රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය රාජ්‍ය සේවය විධිමත්, කාර්යක්ෂම සහ සඵලදායි කිරීමට ජනාධිපතිවරයා එළඹි තීරණ කිහිපයක්.

රාජ්‍ය සේවයේ දූෂණ, වංචා සහ නාස්තිය අවම කිරීමේ අදහසින් ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලින් පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරීමට උපදෙස් දීම ද රාජ්‍ය ආයතනවල අනවශ්‍ය සියලූ උත්සව නතර කිරීමට උදෙස් දීම ද ජනාධිපතිවරයා විසින් සිදු කෙරුණා.

දෙශීය කෘෂිකර්මාන්ය නගා සිටුවමින් ශ‍්‍රී ලාංකේය අනන්‍යතාව මත ගොඩනැගෙන ආර්ථික ප‍්‍රතිපත්තියක් සඳහා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛතාව දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සිහිපත් කරන්නේ.

ඒ අනුව දෙශීය කෘෂිකර්මාන්ය නගා සිටුවීම සහ ශ‍්‍රී ලාංකේය අනන්‍යතාව මත ගොඩනැගෙන ආර්ථික ප‍්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා ද ජනාධිපතිවරයා සිය ධූර කාලයේ පළමු දින 50 දී ප‍්‍රබල තීරණ ගණනාවක් කි‍්‍රයාත්මක කළා.

රුපියල් මිලියන 300 ට නොවැඩි සුුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් ලබාගෙන ඇති ණය ආපසු අයකර ගැනීමේදී ඇපයට තබා ඇති දේපළ වෙන්දේසි කිරීම වහාම අත්හිටුවීම, සරුංගල් සහ වෙසක් කූඩු වැනි නිෂ්පාදන විදේශයන්ගෙන් ආනයනය කිරීම නියාමනය කිරීමට නීති සැකසීම, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය කිරීමේ අදහසින් වැලි, පස් සහ මැටි ප‍්‍රවාහනය සඳහා වූ බලපත‍්‍ර ක‍්‍රමය අහෝසි කිරීම ජනාධිපතිවරයා ගත් එවැනි තීරණ අතරින් කිහිපයක්.

තිරිගු පිටි ඒකාධිකාරය බිඳ දමමින් සෙසු ආනයනකරුවන්ට ද තිරිගු පිටි ආනයනයට අවස්ථාව ලබාදීම ද , ගම්මිරිස් සහ කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරීම ද, ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීම සඳහා විද්‍යානුකූල ක‍්‍රමවේදයක් සැකසීම සහ රටපුරා විනාශ වෙමින් ඇති වී ගබඩා ප‍්‍රතිසංස්කරණය ජනාධිපතිවරයා එළඹි තවත් ප‍්‍රබල තීරණ කිහිපයක් වනවා.

(Neth)