Wednesday, May 08, 2024
Follow Us
ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගන්න ජනපති හෙට මහනුවරට!

මෙරට හත් වන විධායක ජනාධිපති වශයෙන් තේරී පත් වු ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෙට (20) පෙරවරුවේ චාරිත්‍රානුකූලව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගෙන සිය ඉදිරි වැඩ කටයුතු සදහා ආශිර්වාද ලබා ගැනීමට නියමිතය. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිළිගනු ඇත.

අනතුරුව මහනුවර පිහිටි මල්වතු හා අස්ගිරි මහා විහාර වෙත යන ජනාධිපතිවරයා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මහා නාහිමියන්ද අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමින්ද බැහැ දැක උන්වහන්සේලාගේද ආශිර්වාද ලබා ගැනීමට නියමිත අතර අනතුරුව රාමඤ්ඤ නිකායේ මහා නායක නාපානේ පේමසිරි මහා නාමිහියන්ද බැහැ දැකීමට වලල හුරීකඩුව විද්‍යා සාගාර පිරිවෙන වෙත යාමට නියමිතය.

(LNW)