Saturday, July 05, 2025
Follow Us
මහබැංකු අධිපති තනතුරට ආචාර්ය නන්දලාල් වීරසිංහ

නව මහ බැකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ වනවිට අවසන් තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ වනවිට මහ බැංකුවේ ජ්‍යෙස්ඨ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කරයි.

මහ බැංකුවට පිටතින්, වෙනත් පුද්ගලයෙකු මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට වඩා මහ බැංකුවේ දැනට සිටින ජ්‍යෙස්ඨතම නිළධාරියාට ඒ සඳහා අවස්ථාව ලබාදීම පැසසිය යුත්තකි.

(LNW)