වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයේ අවසන් මාසය අදින් (17දා) ආරම්භ වේ.
ලබන මස 16 වැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන අපේක්‍ෂකයා ඉන්පසුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වන අතර, ඒ සමගම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වේ.
ඒ අනුව අදින් ආරම්භ වන දින 30ක කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයතු කරන අවසන් දින කිහිපය වේ.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙවන වරටත් ජනපතිවරණයට තරග නොකර ප්‍රථම ධූර කාලයෙන් පසුවම විශ්‍රාම යාම විශේෂත්වයකි.
(Neth)