Friday, February 06, 2026
Follow Us
ජනපති මෛත්‍රී පැජට් පාරේ නිලනිවස තමන්ටම ඉල්ලයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනටම තමන් භාවිතා කරන පැජට් පාරේ පිහිටි නිලනිවස තමන් විශ්‍රාම ගිය පසුවත් තමන්ටම භාවිතා කිරීමට අවසර ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

විශ්‍රාමික ජනාධිපතිවරයකුට නිලනිවසක් සඳහා හිමිකම් පවතින බැවින් තමන් දැනට භාවිතා කරන නිවසම ඒ සඳහා ලබාගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ.

මෙම කොළඹ 07 පැජට් පාරේ නිලනිවස යනු ඇමති නිවාස ඒකක දෙකක් එකතු කර තැනූ විශාල සහ ජනාධිපතිවරයකුගේ භාවිතය වෙනුවෙන්ම රුපියල් කෝටි ගණනක වියදමින් නවීකරණය කළ, සුපිරි පහසුකම්වලින් යුත් එකකි.

ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන මොහොතේ රුපියල් 10 කාබන් පෑනකින් අත්සන් තැබූ සරල මිනිසා සහ ජනාධිපති තනතුරෙන් විශ්‍රාම යන මිනිසා අතර සැලකිය යුතු වෙනසක් පවතින බව මින් පෙන්නුම් කෙරේ.

(LNW)