Saturday, May 10, 2025
Follow Us
ඇල්පිටිය සාමකාමියි - මහින්ද ඇල්පිටියේ !

ඇල්පිටිය පළාත් පාලන ආයතනයට අදාල ඡන්ද විමසීම මේ වනවිට පැවැත්වෙමින් තිබේ. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බවයි.

පූර්ව මැතිවරණ කාලසීමාව තුළ කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ වාර්තා නොවූ බව ද නිරීක්ෂණ සංවිධාන පවසනවා.

මේ අතර ඇල්පිටිය මැතිවරණයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද විශේෂ සංචාරයකට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරු 07 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 04 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 47 කදී පැවැත්වේ. මන්ත්‍රී ආසන 28 ක් සඳහා දේශපාලන පක්ෂ 05 ක් නියෝජනය කරමින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටී.

(LNW)