වත්මන් රජයේ ප්‍රධානතම, දැවැන්තම ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ ගම්පෙරළිය වැඩසටහනයි. ඒ හරහා ග්‍රාමීය යටිතළ පහසුකම් සංවර්ධන කරවීමට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 48,000කි.
එක් මැතිවරණ කොට්ඨාශයක් සඳහා රුපියල් මිලියන 200 බැගින් මේ මුදල් වෙන්කර ඇති අතර ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා මේ වනවිටත් බෙදාහැර තිබේ.
එහෙත් රාජ්‍ය සේවයේ පවතින සුපුරුදු දැඩි අකාර්යක්ෂමතාව නිසා මෙම මුදල්වලින් වැඩි කොටසක් ප්‍රයෝජනයට නොගෙන ආපසු මහාභාණ්ඩාගාරය වෙතම වසර අවසානයේ යැවෙන තත්වයක් නිර්මාණය වී ඇති බව අප වෙත වාර්තා විය.
මිලියන ගණනින් මුදල් ලැබුණ ද ඒවා යොදවා වර්ෂ අවසානයට පෙර ග්‍රාමීය යටිතල පහසුමකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර, එම ව්‍යාපෘති දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කිරීමට බොහෝ ප්‍රාදේශීය ලේකම්වරුන් සතුව කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
වැඩ කරන්නට නොව මුදල් ආපසු යවන්නට සැලසුම් හදන ලේකම්ලා
එසේම ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම මිලියන ගණනක මුදලින් වැඩ කරන ආකාරය නොව ඒවා ආපසු හරවා යවන ආකාරය දැන්ම තියා සැලසුම් කරන බවත් අප වෙත වාර්තා විය.
මෙම මුදල් දේශපාලනඥයින් හරහා නොව කෙළින්ම රාජ්‍ය යාන්ත්‍රණය හරහාම ප්‍රාදේශීය මට්ටම වෙත යොමු කෙරුණේම නාස්තිය, දූෂණය වළක්වා ගැනීමේ අරමුණින් වුවත් මේ වනවිට සිදුව ඇත්තේ රාජ්‍ය සේවයෙහි නිද්‍රාශීලී ස්වභාවය නිසා ව්‍යාපෘතිය අසාර්ථක වන ලකුණු පෙන්නුම් කිරීමය.
එමෙන්ම ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර කඹ ඇදීම් ද විපක්ෂයට බලය හිමි ප්‍රාදේශීය සභාවල නියෝජිතයින්ගේ බාධා කිරීම් ද මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක නොවීමට සෘජුවම බලපා ඇත.
ආණ්ඩුව ඉල්ලාගෙන කෑමට නියමිතය
ආණ්ඩුව එක් පසකින් ජනාධිපතිවරයා සමඟ බල ක්රීඩාවකත් අනෙක් පසින් තම පක්ෂය තුළම බල ක්රීඩාවකත් සිරවී සිටියදී අවසානයේ සිදුවෙමින් පවතින්නේ අතටම මුදල් යැවූ ව්‍යාපෘති පවා අතරමග හිරවී ජනතාවට ලැබෙන්නට තිබුණු ප්‍රතිලාභය අහිමි වීමය.
මේ රට ගොඩනැගිය නොහැකි වීමට දූෂිත දේශපාලනය තරමටම අකාර්යක්ෂම රාජ්‍ය සේවය ද වගකිව යුතුය. එහෙත් ජනතාව මැතිවරණවලදී ඉලපත් පාර දෙන්නේ දේශපාලනඥයින්ට බව ඔවුන්ගේ සිහියේ තිබිය යුතුය.
අවසාන වශයෙන් කීමට ඇත්තේ ආණ්ඩුව මේවාට අවධානය යොමු නොකරන්නේ නම් ඊළඟ මැතිවරණවලින් ඉහළින්ම ඉල්ලාගෙන කෑම අනිවාර්යය බවය.
(LNW)