Tuesday, September 16, 2025
Follow Us
ස්විට්සර්ලන්ත රජයේ නිල ආරාධනයකට අනූව ශ්‍රී ලාංකේය දූත පිරිසක් ස්විට්සර්ලන්තයට
ස්විට්සර්ලන්ත රජයේ නිල ආරාධනයකට අනූව ශ්රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්රධානත්වයෙන් යුත් ශ්රී ලාංකේය දේශපාලන දූත පිරිසක් ස්විට්සර්ලන්තය බලා පසුගියදා (14) දිවයිනෙන් පිටත්විය.

ශ්රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර රාජතාන්ත්රික සබඳතා සඳහා වසර 70ක් පිරීම නිමිත්තෙන් ස්විට්සර්ලන්ත රජය මගින් සංවිධාන කෙරුණු මෙම චාරිකාවට නිල ආරාධනය ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනී සිරි වෝල්ට් ( Siri Walt ) මහත්මිය විසින් සිදුකර තිබේ. චාරිකාව අතරතුර ස්විට්සර්ලන්ත දේශපාලන ක්රමය පිළිබඳව එම දූත පිරිසට අධ්යයන කිරීමට අවස්තාව සැලසෙනු ඇත.

 
එමෙන්ම දෙරටේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකියාව මෙහිදී ලැබෙනු ඇත.