Friday, February 20, 2026
Follow Us
අද විදුලිය කැපෙන හැටි

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන විදිය මෙතනින්


අද(18) දිනයේ පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප වලට උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා අතර පැය 1.40ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

CC කලාප වලට උදෑසන 6.00 සිට උදෑසන 9.00 අතර පැය 3ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

මීට අමතරව M,N,O,X,Y,Z කලාප වලට උදෑසන 5.00 සිට උදැසන 8.00 දක්වා පැය 3ක විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

(Aruna)