Monday, May 23, 2022
Follow Us
සාගතයක් ඇති වීමට ඉඩ තබන්නේ නැහැ

අගමැති විදෙස් මාධ්‍යයට කියයි


ජනතාවට දිනකට ආහාර වේල් තුනම ලබාගත හැකි ආර්ථිකයක් සැකසීමට තමන් වගබලා ගන්නා බවයි අද වැඩ භාර ගැනීමෙන් පසු බී.බී.සී පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට වැඩිදුර මූල්‍ය ආධාර ලබාදෙන ලෙස මෙහිදී අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියා.

කඩිනම් ආධාර ලබාගැනීම සඳහා තමා ඉන්දියාව සහ ජපානය වැනි රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ. ‍සාගතයක් ඇති වීමට ඉඩ ලබා නොදෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා මෙරටට අවශ්‍ය ආහාර සොයා ගන්නා බවද ප්‍රකාශ කළා.

වෛද්‍යවරයෙකු රෝගියෙකු පරීක්‍ෂා කරනවාක් මෙන්, ශ්‍රී ලංකාවේ ගිණුම් පරීක්ෂා කිරීමටද කාලය අවශ්‍ය බවයි ඔහු බී.බී.සී. පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවේදී සඳහන් කළේ.

(Aruna)