Thursday, April 25, 2024
Follow Us
මහා භාරකාර දෙපාර්තමේන්තුවත් අගමැතිගෙන් ගැලවෙන ලකුණු !

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යටතේ ක්‍රියාත්මක වන මහා භාරකාර දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ මහා භාරකාර දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වියයුතු බවට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර මහා භාරකාරවරයාට උපදෙස් ලබාදීම සඳහා විශේෂ උපදේශක මණ්ඩලයක්ද පත් කිරීමට නියමිතය.

අගමැතිවරයාට අයත්ව තිබූ රාජ්‍ය ආයතන කිහිපයක් විටින් විට ගැලවී ගිය අතර මුදල් අමාත්‍ය ධුරයද අගමැතිවරයාගෙන් ඉවත් කර බැසිල් රාජපක්ෂ මහතා යටතට පත් කෙරිණි.

(LNW)