Monday, January 19, 2026
Follow Us
සරසවි ප්‍රවේශයට අයැදුම්පත් සති අන්තයේ

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මෙම සති අන්තයේදී අයැදුම්පත් කැඳවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

පසුගියදා නිකුත් කළ උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම් කිරීම සඳහා සිසුන් එක්ලක්ෂ හැට දහසක් පමණ සුදුසුකම් ලබා ඇත.

අයැදුම්පත් යොමු කළ යුතු වන්නේ මාර්ගගත ක්‍රමයට පමණක් වන අතර ඒ සඳහා අයැදුම්කරුවන්ට සති තුනක කාලයක් ලබා දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

(Aruna)