උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
පවතින වාතාවරණය තුළ අදාළ විභාග කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළ අතර පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වී ඇති බැවින් සිසුන් ඒ සඳහා යොමු කරවීම දෙමව්පියන්ගේ වගකීමක් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම පාසල්වල දෙවන වාර විභාගයද නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
(Aruna)