Saturday, April 20, 2024
Follow Us
ශිෂ්‍යත්ව විභාග ලකුණු සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්ගෙන් සඳහනක්

පස්වන පන්තියේ ශිෂ්‍යත්ව විභාග ලකුණු අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදුනොකළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ ඒ ඒ පාසල්වලට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණයේ ද කිසිදු වෙනසක් සිදුකර නොමැති බවයි.

අද (22) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ලේකම්වරයා සඳහන් කරන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු දරු දැරියන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගත්ත ද 2017 සිට 2021 දක්වා වසර 05ක් තුළ පාසල්වලට සිසුන් බඳවා ගැනීමේ ප්‍රමාණය කිසිසේත් ම වෙනස් නොකළ බවකි.

මේ සම්බන්ධ සියලු තොරතුරු අමාත්‍යංශ වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙබ්අඩවියෙන් ලබාගැනීමට හැකි බව ද ඔහු අවධාරණය තිබේ.

කෙසේ වෙතත් අභියාචනා ඉදිරිපත් කිරීමට පෙබරවාරි මස 15 වන දින සිට මාසයක කාලයක් ලබාදී ඇත.

(Aruna)