පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද (වකුගඩු රෝග) විශේෂිත රෝහලේ වත්මන් තත්ත්වය අද (01) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙහිදී ජාතික වකුගඩු රෝහල් මුළුතැන්ගෙහි සිදුවූ පිපිරීම් අනතුරෙන් හානියට පත් මුළුතැන්ගෙය සහ ඊට ආසන්නව පිහිටා ඇති, පිපිරීමෙන් හානි සිදු වී ඇති පිරිමි සහ ගැහැණු වාට්ටු සංකීර්ණ, ප්‍රධාන ශල්‍යාගාරය මෙන්ම වෛද්‍ය දැඩි සත්කාර ඒකකය (ICU) යන අංශයන්හි වත්මන් තත්ත්වය ලේකම්වරයාගේ සෘජු නිරීක්ෂණයට ලක්විය.
අනතුරුව රෝහල් අධ්‍යක්ෂවරිය ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙහිදී සුළු හානි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සීදුකර ගැහැණු සහ පිරිමි වාටිටු සංකීර්ණ ප්‍රතිකාර සේවා සඳහා කඩිනමින් යොදා ගැනීමේ හැකියාව සොයා බැලූ අතර, ඊට අවශ්‍ය උපදෙස් ද ලබා දෙන ලදි. එමෙන්ම ශල්‍යාගාර සේවා ද කඩිනමින් ආරමිභ කිරීමට අවශ්‍ය උපදෙස් ද ලබාදෙන ලදි.
මෙහිදී අදහස් දැක් වු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ රෝහලේ සිදු වූ පිපිරීම සම්බන්ධ විවිධ තාක්ෂණික කණ්ඩායම් කටයුතු සිදුකරගෙන යන බවත් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා චීන තානාපතිවරයා ඇතුළු කණ්ඩායම් සමග සිදු කළ සාකච්ඡාවට අනුව china AID හදිසි සහන ක්‍රමය යටතේ අවශ්‍ය කටයුතු සිදු කිරීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවද පැවසීය.
එහිදී පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල පමණක් නොව චීන ආධාර යටතේ නිමවන ලද රෝහල් සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම රෝහල් පවත්වාගෙන යාමට උදව් කිරීමට ඔවුන් එහිදී කැමැත්ත පළ කළ බවද ලේකම්වරයා පැවසීය.
පිපිරීම හේතුවෙන් රෝහලට ආසන්න විවිධ ස්ථාන වලට හානි සිදුව ඇති බවත්, ඒ අනුව විදුලි පරිපථ තත්ත්වයන්, වෛද්‍ය වායු තත්ත්වයන් සම්බන්ධ එම වගකිව යුතු ආයතන විමර්ශන කටයුතු සිදු කෙරෙන බවද, රෝහල මගින් සිදු කළ හැකි පිළිසකර කිරීම් ද වන බවත් පැවසීය. වැඩිපුර තාක්ෂණික සහාය අවශ්‍ය පිළිසකර කිරීම් ද වන බවත්, ගිවිසුම් ගත ආයතන ද ඒ සම්බන්ධව කටයුතු සිදු කරන බවද ලේකම්වරයා පෙන්වා දෙන ලදී.
රුධිර පාරවිලයන කටයුතු අදාළ සිදුවීම සිදුවූ දිනට පසු දිනම නැවත ආරම්භ කළ හැකි වූ බවත් අභ්‍යන්තර රෝගීන් තවමත් රෝහලට ඇතුළත් කිරීමත් සිදු නොකරන බවත් පෙන්වා දුන් ලේකමිවරයා මෙහි වාට්ටු දෙකක් සුළු පිළිසකර කිරීම් සිදු කර ඉදිරි දින 02 තුළ ආරම්භ කිරීමේ හැකියාව පවතින බවද ශල්‍යාගාර සංකීර්ණය සහ දැඩිසත්කාර ඒකකයක් නැවත ආරම්භ කිරීමේ හැකියාව පවතින බව ද මෙහිදී පැවසීය.
වාට්ටු කිහිපයකට රෝගීන් ඇතුළත් කිරීමත්, රුධිර කාන්දුකරණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, ශල්‍යකර්ම වැනි ප්‍රධාන සේවා ආරම්භ කිරීමේ හැකියාවත් පවතින බව ද පැවසු ලේකමිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වන විමර්ශන කටයුතු ඇතුළු විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරන බවද වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම දැනට පවතින ගැටළු සහගත තත්ත්වයන් කළමණාකරණය කර ගනිමින් සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ද සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය එස්. ශ්‍රීධරන්, වෛද්‍ය එච්.එම්. අර්ජුන තිලකරත්න, අතිරේක ලේකම් ඉංජිනේරු සේවා සාලින්ද බණ්ඩාර,
පොලොන්නරුව වකුගඩු රෝහලේ අධ්යක්ෂ දිල්කා සරණසිංහ, පොලොන්නරුව රෝහලේ අධ්යක්ෂ උපුල් කරුණාරත්න, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල එක්ව සිටියහ.