Sunday, July 12, 2026
Follow Us
රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට නව සැලසුම් රැසක්
දිස්ත්රික් මට්ටමින් පවතින ගැටලු නිරාකරණය කරමින් මහජන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් දිවයිනේ සියලු ම දිස්ත්රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ "නිල මැදුර" හි පිහිටි රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශ ප්රධාන ශ්රවණාගාරයේ දී පැවැත්වූ සමුළුව නිමාවට පත්විය.

 

 
සමුළුවේ පළමු දිනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු අතර, දෙවන දිනය රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
 
පළමු දිනය:
සමුළුවේ ප්රථමභාගය ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් ආරම්භ වූ අතර එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජයේ ප්රමුඛ ප්රතිපත්තිමය තීරණ රැසක් ප්රකාශයට පත් කළේ ය:
 
දිස්ත්රික් මූල්ය සංචිත: දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය ලබන හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්රතිසංස්කරණ කටයුතු මධ්යම රජයේ අනුමැතිය එනතෙක් ප්රමාද නොකර සෘජුවම සිදු කිරීමට හැකි වන පරිදි, ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්රික්කයකටම වෙනම මූල්ය සංචිතයක් ලබා දීමට පියවර ගෙන ඇත.
 
නිවාස සහ ඉඩම් ගැටලු: යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමට සැලසුම් කර ඇත.
 
එසේම, අවිධිමත් ලෙස අතහැර දමා ඇති නිවාස ව්යාපෘති පිළිබඳ සමීක්ෂණයක් කර ඒවා අවසන් කිරීමට සහය ලබා දෙන බවත්, ඉඩම් භාවිතයේදී වන සංරක්ෂණ කලාප ආරක්ෂා කරමින් සංවර්ධන කටයුතු සිදු කිරීමේ අවශ්යතාවයත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
රාජ්ය සේවා ප්රතිසංස්කරණ: ගුණාත්මක රාජ්ය සේවාවක් වෙනුවෙන් ඵලදායීතාවෙන් තොර ආයතන ඉවත් කිරීම සහ සෞඛ්ය, අධ්යාපන සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ක්ෂේත්රවල පුරප්පාඩු කඩිනමින් පිරවීම රජයේ ප්රමුඛතාවක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 
මෙම අවස්ථාවට රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන් ප්රමුඛ ජනාධිපති ලේකම් කාර්යාලයේ හා රාජ්ය පරිපාලන අමාත්යාංශයේ උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.
 
දෙවන දිනය:
රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යවරයාගේ ප්රධානත්වයෙන්
සමුළුවේ දෙවන දිනය ආරම්භ වූ අතර එහිදී අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ මූලිකත්වයෙන් පරිපාලනමය ගැටලු සහ සේවා අවශ්යතා පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුවිය.
 
මෙහිදී දිස්ත්රික් හා ප්රාදේශීය ලේකම් කාර්යාලවල පවතින සේවක පුරප්පාඩු, නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැටලු සහ ඉන්ධන දීමනා ඇතුළු පරිපාලනමය ගැටලු සඳහා විසඳුම් සෙවීමට පියවර ගැනිණි.
 
මෙදින උදෑසන ක්රීඩා හා තරුණ කටයුතු අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා ද සමුළුවට සහභාගී වූ අතර සෑම දිස්ත්රික්කයක් තුළ ම ක්රීඩා පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්ය කටයුතු මේ මේ වන විටත් සැලසුම් කර ඇති බව අමාත්යවරයා ප්රකාශ කළේ ය.
 
මෙහිදී දිස්ත්රික් මට්ටමින් එම සංවර්ධන කටයුතු සිදු වන ආකාරය පිළිබඳව දිස්ත්රික් ලේකම්වරුන්ව දැනුවත් කළ අතර දිස්ත්රික් මට්ටමින් මේ වන විට පවතින ගැටලු පිළිබඳව ද අවධානය යොමු කරමින් විසඳුම් සාකච්ඡා කෙරුණි.
 
එමෙන් ම අස්වැසුම ප්රතිලාභ ගෙවීම් පද්ධතිය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික උපකරණ සඳහා බදු සහන සෘජුවම ගොවීන්ට ලැබෙන ක්රමවේදයක් සකස් කිරීම සහ රාජ්ය ඉඩම් බදු අනුමැතිය ලබා ගැනීමේදී සිදුවන ප්රමාදයන් අවම කිරීම සම්බන්ධයෙන් ද අදාළ අමාත්යාංශ නියෝජිතයින් සමඟ සාකච්ඡා කෙරිණි.
 
සමුළුවේ අවසානයේදී, දිස්ත්රික් මට්ටමේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සහ රාජ්ය ආයතන අතර සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කරමින් මහජනතාවට කඩිනම් සේවාවක් සැපයීම සඳහා සියලු නිලධාරීන් කැපවිය යුතු බව අවධාරණය කෙරිණි.
 
මෙම අවස්ථාවට රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා ප්රමුඛ අමාත්යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජෙනරාල්වරු හා රාජ්ය ආයතන ප්රධානීන්, අමාත්යාංශයේ අතිරේක ලේකම්වරුන් හා අතිරේක දිස්ත්රික් ලේකම්වරුන් ඇතුළු ජ්යෙෂ්ඨ රාජ්ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.