Sunday, July 12, 2026
Follow Us
හෝමූස් යළි වැසේ
ඉරානය විසින් නැවතත් හෝමූස් සමුද්ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඒ අනුව නැවත දැනුම්දෙන තුරු මුහුදු මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කරයි.
සයිප්රස් නෞකාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කිරීමත් සමගින් ඉරානය විසින් එල්ල කළ වෙඩි ප්රහාරයත් සමග නැවත හෝමුස් සමුද්ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන ඇත.
මේ අතර අමෙරිකානු මධ්යම විධානය පවසන්නේ හෝමුස් සමුද්ර සන්ධිය වසා දමා එහි බහලුම් නෞකාවකට පහරදීම හේතුවෙන් යළි ඉරානයට ප්රහාර මාලාවක් එල්ල කළ බවයි. මෙය ජුනි 17 සටන් විරාමයට පසු එල්ල කළ තුන් වැනි ප්රහාරයද වේ.
මේ සමග කුපිත වූ ඉරානය මැද පෙරදිග අමෙරිකා හිත්වත් රටවලට බැලැස්ටික් මිසයිල ප්රහාරයක් දියත් කර ඇති බව ද වාර්තා වෙයි.