Wednesday, July 01, 2026
Follow Us
ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන මහතා පත් කරනු ලැබ තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පස්වරුවේ භාරදෙන ලදී.
ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන මහතා මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ අධ්යක්ෂ ජනරාල් (ආයතනික කටයුතු) ලෙස ද කටයුතු කරයි.