Tuesday, April 07, 2026
Follow Us
අද පළාත් කිහිපයකට තැනින් තැන වැසි

උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.