Monday, April 06, 2026
Follow Us

ඉන්දි­යාවේ විශා­ල­තම පුන­ර්ජ­න­නීය බල­ශක්ති සමා­ගම වන අදානි හරි­තා­ගාර බල­ශක්ති සමා­ගම 2025-26 මූල්‍ය වර්ෂය ඇතු­ළත එම සමා­ගමේ පුන­ර්ජ­න­නීය බල­ශක්ති ධාරි­තා­වට ගිගා­වොට් 5 ක අම­තර ධාරි­තා­වක් එක් කර­මින් සම්පූර්ණ ධාරි­තාව ගිගා­වොට් 19.3 දක්වා ඉහළ නංවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඉරාන හා මැද­පෙ­ර­දිග යුද ගැටුම් හේතු­වෙන් උද්ගත වී ඇති බල­ශක්ති අර්බු­දය මධ්‍යයේ අදානි සමා­ගම විසින් ඉහළ නංවා ඇති පුන­ර්ජ­න­නීය බල­ශක්ති ධාරි­තාව ඕනෑම සමා­ග­මක් ගෝලීය වශ­යෙන් ව්‍යාප්ත කර ඇති ඉහ­ළම පුන­ර්ජ­න­නීය බල­ශක්ති ධාරි­තාව මෙය බව ද වාර්තා වේ.

අදානි සමා­ගමේ නව පුන­ර්ජ­න­නීය බල­ශක්ති ධාරි­තා­වට සුර්ය බල­ශ­ක්තිය ගිගා­වොට් 3.4ක් වන අතර, මීට අම­ත­රව ගිගා­වොට් 0.7ක සුළං බල­ශ­ක්ති­යක් සහ ගිගා­වොට් 1ක සුළං සහ සූර්ය දෙමු­හුන් බල­ශක්ති ධාරි­තා­වක් ද ඇතු­ළත් වී තිබේ.

ගුජ­රාට් ප්‍රාන්තයේ කව්ඩා නුවර ඉදි කර ඇති අදානි සමා­ගමේ පුන­ර්ජ­න­නීය බල­ශක්ති ව්‍යාපෘ­තිය වර්ග කිලෝ­මී­ටර් 538ක වප­ස­රි­ය­කින් සම­න්විත වී ඇති බවත්, එය පැරී­සියේ මුළු භුමි ප්‍රමා­ණය මෙන් පස් ගුණ­යක විශාල ප්‍රදේ­ශ­යක් බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.