රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
ලබන බ්‍රහස්පතින්දා අමාත්‍යවරයා සමඟ සිය ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පදනම් කරගනිමින් සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බව එම සංගමය සඳහන් කර තිබේ.
දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.