Saturday, April 04, 2026
Follow Us
නාසා ආයතනය චන්ද්‍ර මෙහෙයුමෙන් පෘථිවියේ පළමු ඡායාරූපය නිකුත් කරයි
Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය ඊයේ (03) නිල වශයෙන් මුදාහැර තිබේ.

 

නාසා ආයතනය සිය X ගිණුම ඔස්සේ "ඒ අපි!" යන ශීර්ෂ පාඨය සමඟයි එම ඡායාරූපය පළ කර ඇත්තෙ.
 
ඔරියන් යානයේ නෙත ගැටුණු පෘථිවියේ චමත්කාරය අඳුරත් ආලෝකයත් හමුවන අපූරු මොහොත නාසා ආයතනයේ Orion අභ්යවකාශ යානය මගින් පෘථිවියේ එක් අර්ධයකට රාත්රිය උදාවී ඇති අයුරු දැක්වෙන අතිශය දුර්ලභ ඡායාරූපයක් නිකුත් කර තිබේ.
 
මෙම අවස්ථාව අභ්යවකාශ ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වනු ඇත.
 
සූර්යාලෝකය පතිත නොවන පෘථිවියේ අඳුරු පෙදෙස මෙහි මනාව දිස්වන අතර, වඩාත් සුවිශේෂී වන්නේ ආලෝකය සහිත අනෙක් අග්රයේ වායුගෝලය මතුපිටින් විහිදෙන මෘදු ආලෝක රේඛාව හෙවත් Limb Glow තත්ත්වය මෙහිදී ඉතා පැහැදිලිව සටහන්ව තිබීමයි.
 
අභ්යවකාශයේ සිට බලන කල පෘථිවිය සතු අසිරිමත් බව සහ වායුගෝලයේ සියුම් ස්ථරයන්හි ක්රියාකාරිත්වය මෙමගින් විද්යාත්මක මෙන්ම කලාත්මක අගයකින් යුතුව මනාව නිරූපණය වේ.
 
(ඡයාරූපය උපුටා ගැනීම - නසා ආයතනය x සමාජ මාධ්ය ගිණුම)