Wednesday, February 25, 2026
Follow Us
නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව පරාජයක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද පැවැති තරගයේදී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවත් අද (25) අහිමි විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (25)පැවති මෙම තීරණාත්මක තරගයේ දී  නවසීලන්තය ලබාදුන් ලකුණු 169ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 107ක් පමණි. 

එම පරාජයත් සමග සුපිරි 8 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ශ්‍රී ලංකාවට අහිමි විය.