Wednesday, February 04, 2026
Follow Us
නව විග­ණ­කා­ධි­පති පත් කෙරේ

රජයේ විග­ණ­කා­ධි­පති දෙපා­ර්ත­මේ­න්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විග­ණ­කා­ධි­පති සමු­දිකා ජය­රත්න මහ­ත්මිය නව විග­ණ­කා­ධි­ප­ති­ව­රිය ලෙස පත් කිරී­මට ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැ­තිය ඊයේ (03) හිමි වී ඇත. ජනා­ධි­ප­ති­ව­රයා විසින් නිර්දේශ කරනු ලැබූ ජය­රත්න මහ­ත්මි­යගේ නාමය ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සභාව ඒක­ම­ති­කව අනු­මත කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සභාව කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී ඊයේ (03) පස්ව­රුවේ රැස්විය. ඒ අනුව නව විග­ණ­කා­ධි­ප­ති­ව­රිය ලෙස පත්කි­රීම සඳහා සමු­දිකා ජය­රත්න මහ­ත්මි­යගේ නාමය සඳහා අනු­මැ­තිය ලබා දී ඇත.

විග­ණ­කා­ධි­පති ඩබ්ලිව්.පී.සී. වික්‍ර­ම­රත්න මහතා පසු­ගිය අප්‍රේල් මාස­යේදී විශ්‍රාම යෑමෙන් පසු විග­ණ­කා­ධි­පති ධුරය පුර­ප්පාඩු විය.