Tuesday, February 03, 2026
Follow Us
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන සැදැහැවතුන්ට විශේෂ දුම්රිය

ඉන්දියාවේ සිට වැඩම කරන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට සහ වන්දනා කර ආපසු නිවෙස් දක්වා ගමන් කිරීමට බලාපොරොත්තුවන සැදැහැවතුන් සඳහා දැනට ධාවනයවන දුම්රියවලට අමතරව තවත් දුම්රියන් ධාවනය කරවීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා‌ දුම්රිය සේවය සදහන් කරයි.

ඒ අනුව අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වාත් කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම දක්වාත් පෙබරවාරි 05වැනිදා සිට 10වැනිදා දක්වා කාලසීමාව තුළ එම දුම්රියන් ධාවනය කරවීමට කටයුතු කෙරේ.

1 T