පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල - ස්ප්‍රිංවැලි මාර්ගයේ ස්ප්‍රිංවැලි ප්‍රදේශයේදී දැඩි ලෙස හානි වී විනාශ වූ පාලම වෙනුවට විකල්ප පාලමක් ලෙස බේලි පාලමක් (Bailey Bridge) ඉදිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට සදහා පැමිණ ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අයත් මෙම මාර්ගය, ප්‍රදේශයේ ජනතාවගේ දෛනික අවශ්‍යතා මෙන්ම වතු ක්ෂේත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහාද අතිශය වැදගත් මාර්ගයකි. පාලම විනාශ වීම හේතුවෙන් පොදු ප්‍රවාහන කටයුතු මුළුමනින්ම අඩාල වී තිබුණි.
පසුගියදා (27) බේලි පාලම සකසා ඇති අතර කඩිනමින් පාලමේ සියළු වැඩ අවසන් කර වාහන ධාවනයට අවස්ථාව සලසා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වේ.