ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය අද වඩාත් දරුණු මට්ටමකට පැමිණ ඇති බව එරට මාධ්ය වාර්තා සඳහන් කර තිබේ.
එහි විෂ සහිත ඝණ දුමාරයකින් වැසි පවතින අයුරු දැකගත හැකි බවයි වාර්තා වන්නේ.
දිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය ද අද ඉතා දුර්වල මට්ටමක පවතින බව වාර්තා වන අතර අගනුවර සමස්ත වායු ගුණාත්මක දර්ශකය අද 445 ක අගයක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම අගය අන්තර් ජාතික වායු ගුණාත්මක තත්ව වාර්තා දර්ශකවල අනතුරු දායක අගයක් ලෙසයි දැක්වෙන්නේ.
දිල්ලි අගනුවර සහ ඒ අවට ප්රදේශ වායු දුෂක අංශු සහිත ඝණ මීදුම් තත්වයකින් වැසි ගොසින්. එම නිසා දෘශ්යතාව අවම වීම හේතුවෙන් ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී ඇතිබව සඳහන්.