Thursday, July 24, 2025
Follow Us
කොපියා (KOPIA) කෘෂි ව්‍යාපෘති තවත් වසර පහකට
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී ලාල්කාන්ත මහතා හා කොපියා (KOPIA) ශ්රී ලංකා මධ්යස්ථානයේ අධ්යක්ෂ Park Pyung – Sik මහතා හා අතර හමුවක් ඊයේ ( 22) කෘෂිකර්ම අමාත්යාංශයේ දී පැවැත්විණි.
කොරියානු ග්රාමීය සමාජ සංවර්ධන අමාත්යාංශය මඟින් පවත්වාගෙන යන කොපියා (KOPIA) මධ්යස්ථානය ශ්රී ලංකාවේ මෙතෙක් ආරම්භ කර ඇති ව්යාපෘතින් අතර දෙමුහුන් තක්කාලි බීජ නිෂ්පාදනය හා මිරිස් දෙමුහුන් බීජ නිෂ්පාදනය ප්රධාන වේ.
කොපියා (KOPIA) මඟින් රටවල් 23 ක් පුරාවටම මෙවැනි ව්යාපෘතීන් පවත්වාගෙන යන අතර මෙම වසර තුළ මෙරට ව්යපෘතීන් සීඝ්රයෙන් සාර්ථකත්වයට පත් වීම නිසා ඉදිරි වසර පහක කාලයට ව්යාපෘති පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව කොපියා අධ්යක්ෂවරයා මෙහිදී අමාත්යවරයා වෙත දන්වා සිටියේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත අවශ්ය තාක්ෂණික සහය ලබා දෙමින් ආධාර ලබා දෙමින් තක්කාලි සහ මිරිස් දෙමුහුන් බීජ වර්ධනය මඟින් මෙරට මිරිස් බෝග වර්ධනය සඳහා දායක වීමට කොපියා මධ්යස්ථානය අදහස් කරයි.
රජයේ බීජ නිෂ්පාදනාගාරය වන පැල්වෙහෙර බීජ ආයතනය සමඟ සම්බන්ධ වීමටත් ඒ හරහා poly tunnel පොලිටනල් (ආරක්ෂිත ගෘහ) නිර්මාණය කරමින් තෝරා ගත් විශේෂ ප්රදේශයන් තුළ ව්යාපෘති පවත්වාගෙන යාමට අදහස් කරන අතර පොලිටනල් ඇති කිරීම සඳහා කොත්මලේ ප්රදේශය හඳුනාගෙන ඇත.
මෙමඟින් මිරිස් දේශීය වශයෙන් වගා කොට රටේ අවශ්යතාවයන් සපුරාලමින් අපනයනය දක්වා වර්ධනය කිරීමට අදහස් කරන බව ද අධ්යක්ෂවරයා මෙහිදී අමාත්යවරයාට පැවසීය.