Thursday, July 24, 2025
Follow Us
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ජූලි මස දීමනාව හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමට
අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්රතිලාභීන්ගේ 2025 ජූලි මස දීමනාව 2025 ජූලි මස 24 දින අස්වැසුම ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
ඒ් අනුව රු 11 ,296, 461, 250.00 ( එකළොස් බිලියන දෙසිය අනූහය මිලියන හාරසිය හැට එකඑක්දහස් දෙසිය පනහ) ක මුදලක් ප්රතිලාභී පවුල් 1, 424 ,548 ( දාහතර ලක්ෂ විසි හතර දහස් පන්සිය හතළිස් අටක) ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
 
අදාළ ප්රතිලාභීන්ට ජූලි මස 24 දින සිට තමාට හිමි ප්රතිලාභී මුදල තම අස්වැසුම ප්රතිලාභී බැංකු ගිණුමෙන් ලබා ගත හැකි බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.