Saturday, March 15, 2025
Follow Us
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් ඇමැති යෝජනා ඉල්ලයි

මාර්ග සංවර්ධන අධිකාරියේ සෑම අංශයක්ම දියුණුකිරීම සඳහා ඉදිරිපත් කළහැකි අදහස් හා යෝජනා සාකච්ඡා කර, මාර්තු මස 20 ට පෙර ලිඛිතව තමා වෙත ලබා දෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම අදහස්, යෝජනා, චෝදනා සැලකිල්ලට ගනිමින්,  ආයතනයේ සහ සේවකයින්ගේ උනන්තිය වෙනුවෙන් ගතහැකි ප්‍රශස්ත ක්‍රියාමාර්ග ගැනීමට  බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

"මගනැගුම- මහමැදුර" ස්ථාපනය කර ඇති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට අයත්, මාර්ග සංවර්ධන අධිකාරියේ පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

ආයතනයේ සියලුම අංශවල ක්‍රියාකාරීත්වය මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක්වූ අතර සේවක ගැටලු පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.