2025 වර්ෂයේ මාර්තු මස 17 දින සිට පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබා නොගත් විභාග අපේක්ෂකයෙකු වේ නම් ඔවුන් සඳහා ජාතික හඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් හෙට(15) සෙනසුරාදා දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල , කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙ.ව 8.30 සිට ප.ව 12.30 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ වන තෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකල අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් වේ නම් විදුහල්පති සහ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.