නායයෑම නිසා අවතැන් වූ පිරිස් සඳහා නිවාස ඉදිකිරීම මාර්තු 15 ආරම්භ කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
නායයෑම හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සහ එහි ප්‍රගතිය පිළිබඳව සොයාබැලීම සදහා, පසුගියදා(21) පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
නායයාම හේතුවෙන් වසර ගණනාවක් කඳවුරුවල පදිංචිව සිටින පූනාගල කබරගල කොටසේ නිවාස 51 ඉදිකිරීම සදහා මේ වනවිට ඉඩම් හදුනාගෙන ඒවා කට්ටිකර බිම් සකස් කර තිබේ. ජනතාවට එම ඉඩම් කොටස් ලබාදී ඔවුන්ගේ ශ්රමදායකත්වයද ලබා ගනිමින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ හා අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ යුධ හමුදාව මගින් එම නිවාස ඉදිකිරීමට සැලසුම් කොට තිබේ.ඒ අනුව මාර්තු 15 වන දින නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මෙම සාකච්ඡාව සදහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගාමිණි මහගමගේ, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකමවරුන්, වතු නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.