Saturday, May 17, 2025
Follow Us
පරිසර අමාත්‍යාංශයේ තිබු දුර්ලභ ගණයේ ඇත්දළ යුගල නැවතත් වනජීවි දෙපාර්තමේන්තුවට

පරිසර අමාත්‍යංශයේ සොබා දහම් පියසේ පිහිටා ඇති අමාත්‍ය නිල කාමරයේ තැන්පත් කර තිබු දුර්ලභ ගණයේ වටිනාකමිකින් යුත් ඇත් දළ යුගල නැවත වනජීවි දෙපාරතමේන්තුවට ලබා දීමට පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (07) පියවර ගනු ලැබීය.

මෙම ඇත්දල යුගල වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී.සූරිය බණ්ඩාර මහතා  නිල වශයෙන් භාර ගැනීම සිදු කළ අතර එය වනජීවි දෙපාර්තමේන්තුවට රැගෙන යාමට නියමිතයි.