Tuesday, July 01, 2025
Follow Us
e-Land ක්‍රමය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීමට හා ලියාපදිංචි ක‍්‍රමවේදය වේගවත් කිරීමට ඊ- ඉඩම් (e-Land) විද්‍යුත් ක‍්‍රමයේ ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ වංචනික ඉඩම් ලියාපදිංචිය හා ප‍්‍රමාදය හේතුවෙන් ජනතාව මුහුණපා ඇති ගැටළු සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

වනජීවි, වන සංරක්‍ෂණ හා පරිසර අමාත්‍යාංශයද ඒකාබද්ධව කමිටුවක් පත්කරන ලෙසටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ.

(Neth)