Wednesday, February 11, 2026
Follow Us
සිරකරුවන් 228කට සමාව

වෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 228 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස පොදු සමාව හිමිවන්නේ දණ්ඩනීති සංග‍්‍රහයේ ඇතුළත් වගන්ති 31 කට අදාළ වැරදිවලට සම්බන්ධ නොමැති සිරකරුවන් හටයි.

ඒ අනුව අදාළ වගන්තිවලට යටත් නොවන සුළු වැරදිවලට සම්බන්ධ පුද්ගලයින්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව සිටින සිරකරුවන්ට මෙලෙස ජනාධිපති පොදු සමාව හිමිවනු ඇති.

(Neth)