Friday, July 04, 2025
Follow Us
රාජගිරිය,කොළොන්නාව පදිංචිකරුවන්ට හා ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොරෝනා නෑ

ඊයේ දිනයේදී රාජගිරිය බණ්ඩාරනායකපුර,කොළොන්නාව ප්‍රදේශවලින් හා ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොරෝන වෛරසය අසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඒ, අද COVID 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

කෙසේවෙතත් ඔවුන් ඌන ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

මේ අතර අද දිනයේදී වැලිසර නාවික හමුදා කඳවුරේ තිදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී තිබේ.

ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයින් 774ක් ලෙස සඳහන් වේ.

(LNW)