Wednesday, February 11, 2026
Follow Us
අද රාත්‍රියේ සිට මුළු දිවයිනටම ඇඳිරිනීතිය.

අද රාත්‍රියේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය නැවත පැනවීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව, අද රාත්‍රි 8.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ලබන මැයි මස 11 වන දා අළුයම 5.00 දක්වා අඛණ්ඩව ඇඳිරි නීතිය පනවනු ලබන බව ද ජනාධිපති මාධ්‍ය අංශ තවදුරටත් සඳහන් කර සිටියා.

කොළඹ ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශ වල ආයතන 11 වන දා විවෘත කිරීමට නියමිතව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.

(Colombo Times)