Wednesday, February 11, 2026
Follow Us
බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2019 වර්ෂයේ නොවැම්බර් මස පැවැත්වූ බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි වෙයි.

මෙම විභාගය සදහා 47,722 දෙනෙකු අයදුම්කර තිබූ අතර ඉන් 23,647 දෙනෙකු විභාගයට පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.

ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල ලේඛන ඉදිරියේදී දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන් වෙත නිකුත් කිරීමට නියමිතයි.

(Aruna)