Saturday, July 05, 2025
Follow Us
පවතින ඇඳිරි නීතිය වෙසක් හරහාත් යයි කියා හිතනවා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

දැනට පවතින ඇඳිරි නීති තත්වය වෙසක් නිවාඩු දින කාලය හරහාත් ගමන් කරනු ඇතැයි තමන් සිතන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කෙසේවෙතත් තමන්ට මේ ගැන නිශ්චිතවම පැවසිය නොහැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ අද (01) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

මේ වනතෙක් නිවේදනය කර ඇත්තේ දැනට දිවයින පුරාම ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය මැයි 04 වනදා ඉවත් කිරීමටය.

(LNW)