Tuesday, February 10, 2026
Follow Us
පොලිස් නිලධාරීන් පිරිසකුත් නිරෝධායනයට

ජා-ඇළ සුදුවැල්ල ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පිරිස නිරෝධානයට යොමු කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් සමග එක්ව කටයුතු කළ පොලිස් නිලධාරීන් පිිරිසක් ද නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඊයේ (28) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පෙන්වා දුන්නේ "මාර්තු 26 වැනිදා පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමක් කළා. ඒ නිලධාරීන් නිවාඩු ලබාගෙන නිවෙස්වලට යෑම තුළ අවධානමක් ඇති වීම නැති කිරීමටයි. මහජනතාව පරීක්ෂා කිරීමේදී එක් නිලධාරියෙකුට පමණයි අපි අවස්ථාව දීලා තිබුණේ. ඔහු කහ පැහැති ආරක්ෂිත ඇඳුමකින් සූදානම් වෙලයි ඉන්නෙ. ඒ වගේම පොලිස් මාර්ග බාධක තුළ නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල, මුඛ ආවරණ, අත් සෝදන දියර ලබා දීලා තියෙනවා." යනුවෙනි.

(Neth)