Tuesday, February 10, 2026
Follow Us
මත්කුඩු ඇබ්බැහිවූවන් පාලනය කරගන්න - අජිත් රෝහණ කොළඹ වතු ජනතාවගෙන් ඉල්ලයි

කොළඹ වතු ආශ්‍රිතව කොරෝනා වෛරසය පැතිරෙන්නේ මත්කුඩුවලට ඇබ්බැහිවූවන් නිසා බවත් ඔවුන්ව පාලනය කරගන්නා ලෙස එම වතුවල ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොළඹ මෙතෙක් වාර්තා වූ වතු ආශ්‍රිත කොරෝනා රෝග පැතිරීම පිළිබඳ සලකා බැලීමේදී එම වතු එකිනෙකින් දුරස්ව පැවතියද මෙම සිද්ධීන් එකිනෙකට සම්බන්ධ වෙන්නේ මත්කුඩුවලට ඇබ්බැහිවූවන් හරහා බවයි ඒ මහතා සඳහන් කළේ.

මරදාන ඉමාමුල් අසීස් මාවත, නාගලගම් වීදිය, බණ්ඩාරනායක මාවත, හැටේ වත්ත සහ දාබරේ මාවත මේ වනවිටත් වසා දැමීමට සිදුව ඇත්තේ මෙවැනි තත්වයක් මත බව සිහිපත් කළ ඒ මහතා එම ප්‍රදේශවල ජනතාව සිය වගකීම ඉටු කළ යුතුව ඇතැයි අවධාරණය කළේය

(LNW)