Tuesday, February 10, 2026
Follow Us
සෞඛ්‍ය දිස්ත්‍රික්ක 21කින් කොරෝනා රෝගීන්

අද (27) පෙරවරුව වන විට මෙරට සෞඛ්‍ය දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාධිත රෝගීන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා. වසංගත රෝග විද්‍යා අංශය අනුව මෙරට සෞඛ්‍ය දිස්ත්‍රික් 26ක් සඳහන් වන අතර ඉන් 21ක කොරරෝනා ආසාධිතයින් වාර්තා වී ඇති බවයි.

මේ දක්වා නුවරඑළිය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ අම්පාර යන සෞඛ්‍ය දිස්ත්‍රික්කයන් ගෙන් කිසිදු කොරෝනා ආසාධිතයින් වාර්තා වී නොමැත.

අද දහවල් වන විට වාර්තා වූ වැඩිම ආසාධිතයින් සංඛ්‍යාව වාර්තා වුයේ කොළඹ සෞඛ්‍ය දිස්ත්‍රික්කයෙන් වන අතර එය 155ක් වනවා.

ඊට අමතරව කළුතර 63ක්, පුත්තලම 39, ගම්පහ 41ක්, යාපනය 16ක්, කුරුණෑගල 15ක්, මහනුවර 11ක්, අනුරාධපුරය 10ක්, රත්නපුර 07ක්, කෑගල්ල 07ක්, මොණරාගල 4ක් සහ හම්බන්තොට 3ක් ලෙස කොරෝනා ආසාධිතයින් වාර්තා වී ඇත.

(Neth)