Sunday, May 17, 2026
Follow Us
කොරෝනා ආසාදනය වුවත් රෝග ලක්ෂණ නොපෙන්වීම හොයන්න කොළඹ වෛද්‍ය පීඨයෙන් පර්‌යේෂණ

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරික්ෂණයෙන් තහවුරු වුවද බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබදව මේ වන විට පර්‌යේෂණ කරමින් පවතින බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රවේනි විද්‍යාව පිළිබද මහාචාර්ය වජිර දිසානායක පවසයි.

ඇමරිකාවේ පැතිර යන කොරෝනා වෛරසයේ ප්‍රභේදයට සමාන ප්‍ර‌භේදයක් ලංකාවේ පැතිර යන බවට මේ වන විට තහවුරු වී ඇති නමුත් අප රටේ වෛරසය ආසාදනය වූවන්ගේ පිරිසක් මේ වන විටත් උණ සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස වැනි රෝග ලක්ෂණ පෙන්නුවද සැලකිය යුතු පිරිසක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බව මහාචාර්යවරයා පෙන්වාදේ.

ඇතැම් විට මෙය අපගේ ජානමය හේතුවක් ද යන්න පිළිබඳව සොයා බැලීම මේ වන විට ආරම්භ කර ඇතැයි හෙතෙම පැවැසීය.

(Aruna)