Saturday, July 05, 2025
Follow Us
රවීගේ පෙත්සම ත්‍රිපුද්ගල වි‍නිසුරු මඩුල්ලක් හමුවට

තමාව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තු අත්හිටුවන්නැයි ඉල්ලමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ගොනුකර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල වි‍නිසුරු මඩුල්ලක් පත් කිරීම සඳහා අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

අදාල පෙත්සම සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපතිවරයා විසින් සිදුකළ ඉල්ලීම සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

2016 වසරේදී සිදු වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවකට අදාලව රවී කරුණානායක මහතා ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකුට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළ අතර ඊට එරෙහිව කරුණානායක මහතා ඊයේ මෙම රීට් පෙත්සම ගොනුකර තිබිණි.

(LNW)