Saturday, July 05, 2025
Follow Us
නව කොරෝනා ආසාධිත ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනාට ප‍්‍රතිකාර කිරීම ඇරඹේ

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි එක්සත් අරාබී එමීර් රාජ්‍යයෙන් හදුනා ගැණුනු ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනා මේ වන විට ප‍්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

ගල්ෆ් නිවුස් ප‍්‍රවෘත්ති සේවය පවසන්නේ ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවයි.

මෙම ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනා ඇතුලූ විදේශයන්ගෙන් පැමිණි 15දෙනෙකුට කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඊයේ (10) නිවේදනය කළා.

එළෙස කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි හදුනා ගැණුනු සෙසු පිරිස අතර ඉතාලි ජාතිකයින් තුන්දෙනෙකු, බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු සහ ඉන්දියානුවන් දෙදෙනෙකුද වන බවයි වැඩිදුරටත් නිවේදනය කෙරුණේ.

ජර්මනු ජාතිකයෙකු, දකුණු අපි‍්‍රකානුවෙකු, ටැන්සානියානු ජාතිකයෙකු සහ ඉරාන ජාතිකයෙකුද හදුනාගත් ආසාධිතයන් අතර වනවා.

මේ අතර කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි මේ වන විට ලොව පුරා හදුනාගෙන තිබෙන මුලූ පුද්ගලයින් ගණන එක්ලක්ෂ 18,909ක්. මිය ගිය ආසාධිතයින් ගණන 4,270ක් වනවා.

(Neth)