Tuesday, February 10, 2026
Follow Us
නිරෝධායනයට බෑ කියා කටුනායක අදත් පිරිසක් කලහකාරී වෙයි

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිටි පැමිණි තවත් 300කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපලේදී මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙමින් තිබෙනවා.

මූලික පරීක්ෂණවලින් පසු ඔවුන් සියලූ දෙනා දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමටයි සැලසුම් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් ඇතැම් පිරිස් එලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාම ප‍්‍රතික්ෂේප කරමින් ගුවන් තොටුපල පරිශ‍්‍රයේ කලහකාරීව හැසිරෙමින් සිටිනවා.

ඔවුන් පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල නොව දින 14ක කාලයක් තමන්ගේ නිවෙස්වලම රැදි සිටිය හැකි බවයි.

(Neth)